Sunday, September 8, 2013

New Films iv ~ Death Race 3 Inferno 2013

Death Race 3 Inferno 2013
 දිනුවොත් ජීවිතය .. පැරදුනොත් මරණය ..







ඔයාලා මේ චිත්‍රපටි මාලාවේ පලමුවැන්න සහ දෙවැන්න බැලුවනම් දැනටමත් දන්නවා ඇති කවුද මේ ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නෙ කියලා.. මංකොල්ලයකට සහභාගී වන කාර්ල් ලූකස් නම් පුද්ගලයව යැවෙන්නේ අමුතුම ආකාරයේ සිරගෙදරකටයි. එය පිහිටා තිබෙන්නේ ටර්මිනල් නම් දිවයිනකයි. එහිදී ඔහුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න ලැබෙනවා. ඒ තමයි එකිනෙකාව මරාගන්නා මෝටර් රථ ධාවන තරඟ මාලාවකට සහභාගී වෙන්න සිදු වීම. මේ තරඟ මාලාවේ තරඟ පහක් එක දිගට ජයග්‍රහණය කරන ක්‍රීඩකයට අසහාය ත්‍යාගයක් හිමි වෙනවා. ඒ තමයි හිරගෙදරින් නිදහස් වීමේ වරම.. දෙවෙනි චිත්‍රපටිය අවසානයේ පෙන්නන්නේ කාර්ල් රිය අනතුරකට මුහුන පාලා දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබලා යන්තමින් පණ බේරගන්නා අන්දමයි. ඉතින් මේ තුන්වෙනි චිත්‍රපටිය පටන් ගන්නේ ඔහුගේ විරූපී බව ප්ලාස්ටික් සැත්කම් මගින් සුව කරලා නැවතත් ඔහුව අර ධාවන තරඟ මාලාවට යොමු කරන සිද්ධියකිනුයි. මේ පාර තරඟය තියන්නේ අප්‍රිකාවේ කලහාරි නම් කාන්තාර ප්‍රදේශයක් තුලයි.. මේ වතාවේ තරඟය මෙහෙයවන්නේ නයිල්ස් යෝර්ක් නම් ධනපතියෙක් විසිනුයි. ඒ වගේම තරඟයේ එක් ප්‍රධාන නීතියක වෙනසකුත් මේ පාර තියෙනවා. කාර්ල් ලූකස් හෙවත් ෆ්‍රැන්කන්ස්ටයින්ව මේ තරඟයට යොමු කරන්නේ “දිනුවොත් මරණය.. පැරදුනොත් ජීවිතය“ යන කොන්දේසිය මතයි..
මේ වසරේ මීට දින කිහිපයකට කලින් නිකුත් උන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 65 වෙනි ස්ථානය ලබා ගත් සුපිරි චිත්‍රපටියක්. කාර්ල් ලූකස්ගේ චරිතය නිරූපනය කරන්නේ මේ චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටියේ කාර්ල් ලූකස් ට රඟපෑ Luke Goss නම් සුපිරි නළුවායි..ඒ වගේම Danny Trejo ගෝල්ඩ්බර්ග් ගේ චරිතයට පණ පොවමින් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් මේ සුපිරි නිර්මාණය යුනිවර්සල් සමාගමේ තවත් අති සාර්ථක නිමැවුමක් කියලා කියන්නත් ඕන. IMDb දර්ශකයේ 5.8/10ක් ලබා ඇති මේ චිත්‍රපටියේ නිකුත් වෙන දිනය ලෙස සඳහන් වෙලා තියෙන්නේ 2013 ජනවාරි 22වැනිදායි.
ඉතින් යාළුවනේ.. කාර්ල් ලූකස්ට ඔහුගේ පස් වෙනි තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද? ඔහුට නිදහස ලබා ගන්න පුළුවන් වේවිද? මේ පාර වෙනස් කරලා තියෙන ප්‍රධාන නීතිය මොකක්ද? කවුද මේ පාර තරඟය මෙහෙයවන්නේ? මේ පාර මොන වගේ මෝටර් රථයක් ද ලූකස්ට ලැබෙන්නේ? ඔහුට මේ තරඟයේදි හමුවන අභියෝග මොනවද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න 




Home


No comments:

Post a Comment

Facebook