Thursday, September 12, 2013

New Films v ~ Bullet to the head movie 2013

New Films v ~ Bullet to the head movie 2013

 හොරා පොලිස්








 එක්තරා කුලියට මිනි මරණ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එහෙමත් නැත්තන් Hitman ලා දෙන්නෙක්. මෙයාලට ලැබෙනවා කොන්ත්‍රාත්තුවක් එක පුද්ගලයෙක්ව මරන්න. ඒ මරණ පුද්ගලයා හිටපු රහස් පරීක්ෂකයෙක්. ඒ වගේම ඔහුට චෝදනා තිබෙන පුද්ගලයෙක් පොලිසියේ සිටියදී කල දූෂණ සහ වංචා වලට. ඒ නිසා ඔහුට සේවය හැර යන්න සිද්ධ වෙලා. කොහොම හරි මේ පුද්ගලයා අර කියපු මිනීමරුවන් දෙන්නා අතින් මැරුම් කනවා. මේ දෙන්නා තමයි ජිමි බොබෝ සහ ලුයිස් බ්ලන්චාර්ඩ්. සාර්ථක ලෙස තම ගොදුර ලබා ගත් මේ දෙන්න යනවා තමන්ගේ කුලිය ලබා ගන්න රාත්‍රී අවන්හලකට. එහිදී මේ දෙන්නට සිද්ධ වෙනවා තවත් මේ වගේම කෙනෙක්ගෙන් ප්‍රහාරයකට ලක් වෙන්න. මේ අවස්ථාවේදී ලුයිස් කියන පුද්ගලයා අර ප්‍රහාරයෙන් මිය යනවා.
ඒ වගේම මෙයාලට කුලිය ලැබෙන්නෙත් නැහැ එක සගයෙකුට මිය යන්නත් සිද්ධ වෙනවා. ඉතුරු වෙන කෙනා තමයි ජිමි බොබෝ, මේ චරිතයට පණ දෙන්නේ සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්. ජිමි ආරම්භ කරනවා මේ තමන්ගේ සගයා මැරුවේ ඇයි සහ එයාලගේ මුදල් නොලැබෙන්න හේතු, ඒ අතරේ ජිමි සහ ඔහුගේ සගයා මරපු හිටපු පරීක්ෂක වරයාගේ මිනීමැරුම පසු පස ලුහු බඳින්න වොෂින්ටනයේ ඉඳන් තවත් රහස් පරීක්ෂකයෙක් එනවා. එහෙනම් ඔයාලට බාරයි ජිමි එයාගේ යාළුවගේ පලිය ගන්නේ කොහොමද එතකොට රහස් පරීක්ෂකයා ඔහුගේ ඉලක්කය වෙතට යන්නේ කොහොමද කියල
                                     බාගන්න මෙතන ක්ලික් කරන්න


Home

No comments:

Post a Comment

Facebook