Wednesday, October 2, 2013

New Films xii ~ The Host 2013

New Films xii ~  The Host 2013


THE HOST කතාවට පාදක වෙන්නෙ අපේ ලෝකයට වෙනත් ලෝකයකින් එල්ල වුන ආක්‍රමණයක්. එයාලා අපේ ලෝකය යටත් කරගෙන ඉන්නෙ. හැබැයි ඒ ක්‍රමය වෙනස්ම ක්‍රමයක්. ඔවුන් මිනිස් සිරුරයි යටත් කර ගන්නෙ. වෙනත් ජීවි ආත්මයක් සිරුර තුලට ඇතුල් කරලා ඒ සිරුර අයිති තැනැත්තගෙ මතකය මකා දමන එක තමා කරන්නෙ. ඉතිං මෙලනි ස්ට්‍රයිඩර් කියන්නෙ මනුෂ්‍යයෙක්. මෙයා තමන්ගෙ මල්ලි ජෙමි හා පෙම්වතා ජෙරඩ් එක්ක මේ ජීවින්ගෙන් ගැලවිලා ඉන්නෙ. ඒත් දවසක් මෙලනිව අහුවෙනවා. සොයන්නො එයාගෙ ශරීරයට ආත්මයක් ඇතුල් කරනවා වොන්ඩරර් කියලා. සොයන්නො හදන්නෙ ඒ මගින් බේරිලා ඉන්න අනිත් මිනිස්සුන්ව හොයාගන්න. ඒත් මෙලනි කියන්නෙ ලේසියෙන් පරාජය බාරගන්න කෙනෙක් නෙවෙයි. එයා සටන් කරන්න පටන් ගන්නවා. වොන්ඩරර් එක්ක අදහස් හුවමාරු කරගන්න මෙලනි බේරිලා පැනගන්නවා. මෙලනි යන්නෙ කාන්තාරයෙ තැනක ඉන්න තමන්ගෙ මාමා ජෙබ්ව මුණ ගැහෙන්න. ජෙබ්ව විතරක් නෙවෙයි මල්ලි ජෙමි, පෙම්වතා ජෙරඩ් පවා මෙලනිට මුණ ගැහෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එයාලට මෙලනිව පේන්නෙවත් ඇහෙන්නෙවත් නෑ. පේන්නෙ ඇහෙන්නෙ වොන්ඩරර්ව විතරයි. පිටසක්වලයන්ට වෛර කරන මිනිස්සුයි තමන්ව හොයාගෙන එන පිටසක්වලයන්ටයි මැදි වෙන වොන්ඩරර් හා මෙලනි තමන් කවුද කියලා පෙන්වන්න කරන ක්‍රියාදාමය තමා මේ චිත්‍රපටියෙ ගලාගෙන යන්නෙ. ආදරය ත්‍රාසය, කුතුහලය, පරිත්‍යාගය වැනි හැම පැත්තක් ගැනම කතා කරන ලස්සන නිර්මාණයක් විදිහට THE HOST හඳුන්වන්න පුළුවන්.




No comments:

Post a Comment

Facebook