Saturday, September 7, 2013

New Film ii ~ The Marine 3 Homefront

2. The Marine 3 Homefront




ඩවුන්ලෝඩි කරගන්න මෙතන ක්ලික් කරන්න




මැරීන් චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටයි මේ.. මතකනෙ මුලින්ම ආපු මැරීන් ෆිල්ම් එකේ රඟපාපු සුපිරි රෙස්ලින් ක්‍රීඩකයා, “ජෝන් සීනා”. මේ ෆිල්ම් එකේ ඉන්නෙත් ඒ වගේම මෑත කාලයේ ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වුනු රෙස්ලින් තරුවක් වන “The Miz”.. මට නම් පේන විදියට මේ රෙස්ලිස් ශූරයන්ට ඔක්කොටම වඩා හැකියාවක් තියෙන්නෙ රඟපාන්න කියල. රෙස්ලින් කියන්නෙත් ඉතින් එක්තරා ආකාරයක රඟපෑමක්නෙ. කොහොම වුනත් මේ ෆිල්ම් එක ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයට නම් හොඳට අල්ලල යයි. Scott Wiper තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Ashley Bell, Neal McDonough, Michael Eklund යන සුපිරි නලු නිලියන්වත් මේකෙ රංගනයට දායක කරගෙන තියනව. මෙන්න මෙහෙමයි කතාව.
ජේක් (Miz) කියන්නෙ ඇමරිකන් මැරීන් හමුදාවේ පුහුණුව ලබා රාජකාරී කරන සෙබලෙක්. කොටින්ම කිව්වොත් ඉතින් හැම අතින්ම වැඩ්ඩෙක් තමයි. ජේක් හුඟ කාලෙකට පස්සෙ තමයි නිවාඩුවට ගෙදර එන්නෙ. එයාට ඉන්නව හරිම දඟකාර මුරණ්ඩු බාල සහෝදරියක් ලිලී කියල. ජේක් ගෙදර ආවම දැනගන්නව එයාගෙ නංගි ඩැරන් කියල කොල්ලෙක් එක්ක යාලුයි කියල. ජේක්ට මේ කොල්ලව වැඩිය අල්ලන්නෑ. ඒ නිසා මෑන් මේකට අකමැත්තෙන් ඉන්නෙ. ඒ නිසා ජේක්ගෙ නංගි ජේක් එක්ක ටිකක් අමනාපෙන් ඉන්නෙ. කොහොම හරි භයානක සංවිධානාත්මක කල්ලියක් ලීලීවයි ඩැරන්වයි පැහැරගෙන යනව එයාල කරපු මිනී මැරුමක් මේ දෙන්න දැකපු නිසා. මේ කල්ලිය තමන්ගෙ තිප්පොල විදියට පාවිච්චි කරන්නෙ පරණ නැවක්.
කොහොම හරි මේ නැවට පහර දෙන්න FBI එකෙන් විශේෂ කණ්ඩායමක් යොදවනව. ඒත් ඒ මෙහෙයුම අසාර්ථක වෙනව. මොකද මේ නැවේ ඉන්නෙ එසේ මෙසේ සෙට් එකක් නෙමෙයි. එයාල විශේෂ අරමුණක් සඳහා සූදානම් වන සංවිධානාත්මක කල්ලියක්. ඉතින් දැන් ජේක් ලෑස්ති වෙන්නෙ වන් මෑන් ෂෝ එකක් පෙන්නන්න. කවුද මේ සංවිධානාත්මක කල්ලිය? එයාල සූදානම් වන විශේෂ අරමුණ මොකද්ද? ජේක්ට එයාගෙ නංගිව බේරගන්න පුලුවන් වෙයිද? අවසානයේ කුමක් වේවිද? 
ඩවුන්ලෝඩි කරගන්න මෙතන ක්ලික් කරන්න

No comments:

Post a Comment

Facebook