Thursday, September 12, 2013

New Films vi ~ Evidence movie 2013

New Films vi ~ Evidence movie 2013
කවුද ඇත්තටම මේ අපරාධය කරන්නේ? මොකද මේක සමූල ඝාතනයක්? ඇයි මෙහෙම කරන්නේ?





 ‍මේක අපරාධ ගණයට වැටෙන චිත්‍රපටයක්.. අපරාධයකදි පටිගතවුනු, එහෙමත් නැත්නම් Video වුනු දේවල් විශේෂ සාක්‍ෂි විදිහට අපරාධ විද්‍යාවෙදි පිළිගැනෙනවා.. හිතාගන්නවත් බැරි කතාවක් තමයි තියෙන්නේ..
මෙහෙයි කතාව.. පටන් ගන්න කොටම ලොකු ට්‍රක් රථ ගාලක පිපුරුමක්.. එතනදි වැටිලා තිබුණු කැමරා වගයක් පොලීසියට හමුවෙනවා.. පිපුරුම නිසා ඇතිවුනු ගින්න නිසා මැරුණු අ‍යගේ කෑලිත් නෑ. ඒ නිසා මැරුණ අය හොයාගන්න විදිහකුත් නෑ.. මේ කැමරාවල පටිගත ‍වුනු දර්ශන වලින් මැරුණු අය වගේම වුනේ මොකක්ද කියලා හොයන්න පොලීසිය උත්සාහ කරනවා.. ඒ අතරෙදි තමයි දැනගන්නේ මේක මිනී මැරුමක් වග්ම අපරාධයක් කියලා..
වීඩියෝ වල තිබෙන සිද්ධිය මේකයි.. ලියෑන් කියලා නළි පිස්සුව ගහපු කෙල්ලෙක් ඉන්නවා.. එයාගේ යාළුවෙක් ඉන්නවා රේචල්… රේචල් හැම වෙලාවෙම කැමරාවක් අරගෙන ඉන්නේ.. එයාගේ කැමරාවේ තිබුණු දේවල් තමයි ගොඩක් පෙන්නන්නේ.. මේ යාළුවෝ දෙන්නා එකට ගොඩක් දේවල් කරනවා.. ලියෑන්ට එක සංදර්ශනයක් නිමාවෙන වෙලාවක එයාගේ පෙම්වතා, ටයිලර් එයාට විවාහ යෝජනාවක් ගේනවා.. ඒකට මෙයා කැමති වෙන්නේ නැ.. එහෙමම කතාව වෙනතකට පනිනවා..මේගොල්ලෝ වේගාස් වලට යන්න චාරිකාවක් යොදාගන්නවා.. යන්නේ බස් එකක..මේකට කොහොම හරි ටයිලර්වත් එකතු කරගන්නවා.. තවත් අය මගදි එකතු වෙනවා.. අන්තිමට කාන්තාරයක් මැදින් යන‍ කොට බස් එක පෙරලිලා මෙයාලා අර කලින් කිව්ව ට්‍රක් රථ ගාලට යනවා..මෙතනින් එහා කිව්වොත්නම් චිත්‍රපටයේ රසය නැතිවෙනවා… 


Home

No comments:

Post a Comment

Facebook