Friday, September 27, 2013

New Films ix ~ Ba Pass (2013)

 


මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ මලගෙදරකින්. ඒ මැරිලා ඉන්නේ මුකේශ් කියන තරුණයෙක්ගේ අම්මයි තාත්තයි. මේ මුකේශ්ට ඉන්නවා නන්ගිලා දෙන්නෙක්..දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ ඔහු නැන්දලාගේ ගෙදර යනවා B.A උපාධිය හදාරන්න. දවසක් මේ ගෙදර නැන්දගේ යාලුවෝ කට්ටියක් ඇවිල්ලා පොඩි උත්සවයක් තියෙනවා. එතනදී සාරිකා කියලා ගෑනු කෙනෙක් මුකේශ්ට විහිලු කරනවා. කොහොම හරි ඇය යනකොට මුකේශ්ගේ නැන්දට කියනවා ඒයාලාගේ ගෙදර ඇපල් තියෙනවා කාවහරි එවලා ඒ ටික අරන් යන්න කියලා. පහුවදා මුකේශ් සාරිකාලගේ ගෙදර යනවා ඒ ඇපල් ටික ගෙන්න. ඒත් ඒ වෙනකොට ඒ ඇපල් ටික විසිකරලා දාලා. මේ වෙලාවේ සාරිකා ගෑනු මායම් දාලා මුකේශ්ව අල්ල ගන්නවා. ඊටපස්සේ මුකේශ් හැමදාම වගේ සාරිකාගේ මහත්තයා ගෙදර නැති වෙලාවට එහෙ යනවා. ඊට ටික කාලෙකට පස්සේ මුකේශ්ගේ සීයත් මැරෙනවා සීයා මැරුනට පස්සේ මුකේශ්ගේ නංගිලා දෙන්නා තනිවෙනවා. නෑදෑයෝ තීරණය කරනවා ඒ දෙන්නාව ගෑනු ළමයි බලාගන්න අනාථ මඩමකට බාරදෙන්න. මුකේශ් මේ දේට කැමති නෑ ඔහු හදන්න්නේ ඔහුටම ඉන්න තැනක් හොයාගෙන නංගිලා දෙන්නාවත් ඔහු ලගට ගන්න, ඊට පස්සේ ඔහු සල්ලි හොයන්න උත්සාහ කරනවා. ඒ අතර දවසක් සාරිකා මුකේශ්ට කියනවා සල්ලි හම්බකරන්න පුලුවන් විදිහක් ගැන, ඒත් ඔහු ඒ දේට කැමති වෙන්නේ නෑ. ඒත් ඔහුට සල්ලි හොයන්න වෙන විදිහක් නැති නිසා ඔහු තීරණය කරනවා සාරිකා කියපු දේ කරන්න. අන්තිමට ඔහු ඒ දෙයින් ලොකු ගානක් හොයාගන්නවා. ඔහු ඒ සල්ලි සාරිකා ගාව තියනවා පරිස්සමට.
ඒත් දවසක් මේ දෙන්නාව සාරිකාගේ මහත්තයාට අහුවෙනවා. ඔහු මේ ගැන මුකේශ්ගේ නැන්දාට කියනවා ඊට පස්සේ නැන්දා ඔහුව ගෙදරින් පන්නනවා. ඊට පස්සේ තව දේවල් සිද්ද වෙලා අන්තිමට ඔහුට හැමදේම නැතිවෙනවා. ඉතුරු ටික.......  

No comments:

Post a Comment

Facebook