Saturday, September 14, 2013

New Films viii ~ Company Of Heroes 2013 movie

 New Films viii ~ Company Of Heroes 2013 movie


Download For

ඉතින් මේ කතාව පැත්තට හැරුනොත් මේ කතාව පශ්චාත් යුධ අවධියේ සිදුවුන ඇත්ත කතාවක් ආශ්‍රයෙන් නිර්මාණය කරපු කතාවක්. මේ කාලය, ඒ කියන්නේ 1944 දෙසැම්බර් වෙනකොට ජර්මනියට බටහිරින් ඇමරිකන් හමුදා විසින්ද නැගෙනහිරෙන් රුසියානුවන් විසින්ද වට වෙලා පරාද වෙන්න ඔන්න මෙන්න කියලා තත්වයක් උදාවෙලයි තියෙන්නේ. ඒ විතරක් නෙමේ, තමන්ට මේ යුද්ධෙන් පරාද වෙන්න වෙන බව ජර්මන් හමුදා නායකයන් වගේම සාමාන්‍ය වැසියනුත් මේ වන විට වටහා ගෙනයි තියෙන්නේ. ඉතින් ඔය අස්සේ හිට්ලර් තමන්ගේ වැසියන්ට පොරොන්දු වෙනවා මේ වන විට පරීක්ෂණ මට්ටමේ තියන ආයුධයක් යොදාගෙන සතුරන්ට පහරදී මේ පරාජයෙන් ජර්මනිය ගලවා ගන්න බව. අවාසනාවකට වගේ හිට්ලර් දුන්න මේ පොරොන්දුව ඔහු විසින් ගොතපු ප්‍රබන්ධයක් නෙමේ.
ඔය අතරවාරයේ පසු පෙරමුණේ ඉන්න ඇමරිකානු සෙබළුන් පිරිසක් ඉදිරි පෙරමුණේ ඉන්න තම සගයන්ට නත්තල් ආහාර ගෙනියමින් ඉන්න කොට සතුරු මෝටර් ප්‍රහාරයකට ගොදුරු වෙනවා. එතනදි ඔවුන් සතුරු ප්‍රහාරය මැඩපැවත්තුවත් ඔවුන්ට සිදුවෙනවා තමන් ගමන් කළ වාහන අතහැරලා දාලා ගමන් කරන්න. ඔවුන් ගමන් කරන අතරතුර ඔවුන්ට වැටහෙනවා මේ මඟ දෙපස ඔවුන් අනුමාන කළාට වඩා බොහෝ ජර්මානු සෙබළුන් ඉන්න බව. ඉතින් ඒ ඔක්කොම මඟ හැරලා යන ඔවුන්ට එක පාරටම ඇහෙනවා මහා පිපිරුම් හඬක්. මේක පරීක්ෂා කරන්න යද්දි ඔවුන් දකිනවා මහා විනාශයක්. මුලින්ම ඔවුන් හිතන්නේ මේ ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයක් කියලයි. නමුත් පසුව ඔවුන්ට දැනගන්න ලැබෙනවා එදා දවසේ තියන මීදුම නිසා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් කරන්නේ නැහැ කියලා. එහෙනම් මොකක්ද මේ අභිරහස් පිපිරුම ඇති කල අභිරහස් ආයුධය? යුද්ධය ආපහු හරවන්න හිට්ලර්ට තියන සැලසුම මොකක්ද? මේ ආයුධය නිසා හමුදා සෙබලුන්ගේ ඉරණම වෙනස් වෙයිද? 

No comments:

Post a Comment

Facebook